ආරක්ෂක සේවා අත් පන්දු ශූරතාවය ගුවන් හමුදාවට

06 වන ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලියේ අත් පන්දු ශූරතාවය අබේපුස්ස යුධ හමුදා ගෘහස්ත ක්‍රීඩාගාරයේදී දිනා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පසුගියදා (27 සැප්තැම්බර් 10)සමත් විය.

කන්තා අංශයේ අවසන් වටයට තේරී පත්වුනු නාවික හමුදා ක්‍රීඩිකාවන් පළමු වටය අවසන් වන විට 25-11 ලෙස ප්‍රබල පීඩනයක් සිය ප්‍රතිවදී ගුවන් හමුදා ක්‍රීඩිකාවන් වෙත එල්ල කලද ඉන් පසුබට නොවූ ගුවන් හමුදා ක්‍රීඩිකාවන් 28-26, 25-11 ලෙස ලබා ගනිමින් තරගාවලියේ කාන්තා අංශයේ ජය තහවුරු කර ගැනීමට සමත් විය.

අනතුරුව පැවති පිරිමි අංශයේ අවසන් තරග වටයේ ජයග්‍රහනය ද ගුවන් හමුදා ක්‍රීඩකයින් දිනා ගැනීමට සමත් වූයේ ලකුණු මට්ටම 28-26, 25-19, 25-17 ලෙස තිබියදීය.

කෝප්‍රල් අබේකෝන් ඒ.එම්.ටී.සී සහ ගුවන් කාන්තා ප්‍රසාදිනි පිළිවෙලින් දක්ෂතම ක්‍රීඩයා හා ක්‍රීඩිකාව ලෙස නම් කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.