ගුවන් හමුදා අන්තර් ඒකක සරඹ සහ තූර්ය වාදක තරඟාවළිය 2018

හමුදා සේවා පුද්ගලයෙක ුගේ විනය නිසියාකාරව පවත්වා ගැනීම අරමුණු කරගනිමින් සරඹ ඉගැන්වීම,
පුහුණු කිරීම හා ප‍්‍රගුණ කිරීම හමුදාවන් තුල සිදු කරනු ලබයි. ශ‍්‍රී ලංකා ගුවන් හමුදා දින දර්ශනයේ තවත් එක් සුවිශේෂී අංගයක් ලෙස ගුවන් හමුදා අන්තර් ඒකක සරඹ සහ තර්ය වාදක තරඟාවළිය හැඳින්විය හැක අතර 2018 අන්තර් ඒකක සරඹ සහ තූර්ය වාදක තරඟාවළිය අගෝස්තු මස 17 වන දින කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරු සරඹ පිටියේදී සාර්ථක අයුරින් නිමාවට පත්විය.

දිවයින පුරා ව්‍යාප්තව ඇති ගුවන් හමුදා කඳවුරු වලින් කණ්ඩායම් 23 මේ කිරුළ දිනා ගැනීමට පෙළ ගැසුනු අතර ගුවන් හමුදා කටුනායක මුලික කදවුර, ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල ඒකළ කදවුර සහ ගුවන් හමුදා බණ්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපොල කඳවුර අවසන් වටය සඳහා සුදුසුකමි ලැබූහ. මෙම තරගාවලියේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ඉදිරියේ අවසන් වටය සදහා සුදුසුකම් ලද කණ්ඩායම් ඔවුන්ගේ දක්‍ෂතාවයන් ප‍්‍රදර්ශනය කරන ලදි.

ඉතා තියුනු තරග වටයකින් අනතුරුව ස්කොඩි‍්‍රරන් ලීඩර් පිඑචිකේකේ සෙනෙවිරත්න අණ දුන් ගුවන් හමුදා කටුනායක මුලික කඳවුරු කණ්ඩායම ශුරතාවය දිනාගත් අතර ෆ්ලයිට් ලෙෆ්ටිනන් ඊවීඑන්එම් විමලගුණසේකර අණදුන්, ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල ඒකළ කදවුර කණ්ඩායම අනුශුරතාවය දිනා ගන්නා ලදී. එහි තුන්වන ස්ථානයට ෆ්ලයිට් ලෙෆ්ටිනන් පීඒඞීසීඑම් පත්තිවිල අණ දුන් බණ්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපොල කඳවුරු කණ්ඩායම හිමිකම් කියන ලදී.

මීට සමගාමිව තූර්ය වාදක කණ්ඩායමි තරඟයක්ද පැවැත්වුණු අතර ගුවන් හමුදා කටුනායක කඳවුරු තූර්ය වාදක කණ්ඩායම සහ චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ තුර්ය වාදක කණ්ඩායමි අවසන් වටය සුදුසුකම් ලැබු අතර එහිදි චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ තූර්ය වාදක කණ්ඩායම අභිබවා ශුරතාවය දිනා ගැනීමට ගුවන් හමුදා කටුනායක කඳවුරු තුර්ය වාදක කණ්ඩායම සමත්කම් දක්වන ලදී.

තරඟාවලිය නැරඹීම සදහා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් මහතා, ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩළයේ නිළධාරින්, කටුනායක මුලික කදවුරු අණදෙන නිළධාරි එයාර් වයිස් මාර්ෂල් ප‍්‍රසන්න පායෝ ,ගුවන් හමුදා ජේ්‍යෂ්ඨ නිළධාරින්, සෙසු නිළයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.