2018 ගුවන් පියාසර පුහුණු උපදේශකයින්ගේ වැඩමුළුව

 2018 ගුවන් පියාසර පුහුණු උපදේශකයින්ගේ වැඩමුළුව ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම වැඩමුළුව ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ මූලිකත්වයෙන් සිදුකරනු ලැබීය.

මෙම වැඩමුළුව අගෝස්තු මස 18 හා 19 යන දිනයන්හිදී චීන වරාය අංක 01 පියාසර පක්ෂාංගයේදී පැවැත්විය. මේ සදහා ගුවන් හමුදාවේ සියළුම පියාසර පුහුණු උපදේශකයින් සහභාගී විය. ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති තුමන් මෙන්ම සිවිල් ගුවන් සේවා ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් එච් එම් සී නිමල්සිරි මහතාද එක්විය. වැඩමුළුව අමතමින්  ගුවන් හමුදාධිපති තුමන් පුහුණු උපදේශකයෙකු සතු කාර්ය භාර්ය පැහැදිලි කරණ ලදී. සිවිල් ගුවන් සේවා ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් එච් එම් සී නිමල්සිරි මහතා අදහස් දක්වමින් ප‍්‍රකාශකර සිටියේ පුහුණු උපදේශකයෙකු සතු දැක්ම හා කාර්ය භාරය නිසිපරිදි ඉටුකල යුතු බවයි.

මෙහිදී ගොල්ෆ් ක‍්‍රීඩාව හදුන්වාදීමේ සැසියක් හා මාබල් බීච් හිදී සුහද හමුවක්ද පැවැත්විණි.

දෙවන දිනයේදී  පියාසර උපදේශකයන් විසින් වටිනා සහ වැදගත් මාතෘකා ගණනාවක් මගින් දේශන පවත්වන ලදී.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.