ඉන්දීය ජාතික ආරක‍ෂක විද්‍යාලයේ නියෝජිත මණ්ඩලයක් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක

සාමාජිකයින් 14 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ නියෝජිතයන් පිරිසක් පසුගිය 2018 අගෝස්තු මස 28 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

මේජර් ජෙනරාල් එස්සී මොහාන්ටි විසින් මෙම නියෝජිත පිරිසේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරන ලද අතර මෙම සංචාරය ඔවුන්ගේ පාඨමාලාවේ විදේශ අධ්‍යයන චාරිකාව වෙයි.

මෙහිදී නියෝජිත පිරිසේ ප‍්‍රධානී මේජර ජෙනරාල් එස්සී මොහාන්ටි මහතා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා හමුවූ අතර එම හමුව සිහිපත් වීම පිණිස සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කරගන්නා ලදී.

මෙහිදී ගුවන් හමුදා ගුවන් මෙහෙයුම් අධ්‍යක්‍ෂකයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිළධාරී එයාර් කොමඩෝර් සම්පත් වික‍්‍රමරත්න විසින් ගුවන් හමුදා ඉතිහාසය, පශ්චාත් යුධ කාර්යභාරය සහ අභියෝග පිළිබඳව දේශනයක් ඉදිරිපත් කරන ලදී. ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස්, ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩල සාමාජිකයින් සහ ජ්‍යේෂ්ඨ නිළධාරී රැුසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.