මීරිගම ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිළධාරී වැඩභාරගනී

මීරිගම ගුවන් හමුදා කඳවුරේ හිටපු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ලසන්ත දහනායක විසින් කඳවුරු අණදෙන නිළධාරී ධූරයෙහි වැඩකටයුතු නව අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් නිපුන තනිපුලිආරච්චි හට භාරදීමේ පෙළපාලිය පසුගිය 2018 සැප්තැම්බර් මස 01 වන දින පවත්වන ලදී. මෙහිදී ධුරයෙහි රාජකාරීන් නිළවශයෙන් භාරදීම සංකේතවත් කරමින් යෂ්ඨිය භාරදීම සිදු කරන ලදී. මෙම අවස්ථාවට කඳවුරු නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ සහභාගී වූහ.

මෙම සාමප‍්‍රදායික පෙළපාලිය සඳහා අණදීම ස්කොඩ්රන් ලීඩර් එස්ඩීඩීජේ රණසිංහගේ විසින් සිදු කරන ලදී.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.