හවායි හි පැවති ආසියානු පැසිෆික් හමුදා ප‍්‍රධානී සම්මන්ත‍්‍රණය සඳහා ගුවන් හමුදාධිපතිතුමන් සහභාගී වෙයි

2018 සැප්තැම්බර් මස 10 වන දින සිට 12 වන දින දක්වා හවායි හොනලුලු හි පැවති ආසියානු පැසිෆික් කලාපීය හමුදා ප‍්‍රධානීන්ගේ ආරක්‍ෂක සමුළුව සඳහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහභාගී විය.

ආසියානු පැසිෆික් කලාපය ගුවන්, නාවුක සහ සයිබර් ආරක්‍ෂක අභියෝගයන්ට මර්ධනයට සිය සත්කාරකත්වය සපයනු ලබයි. මෙම සමුළුව සඳහා එක්සත් ජනපද ඉන්දු පැසි:ික් විධානය මගින් සත්කාරකත්වය දක්වන ලද අතර වර්තමාන සහ නැගීඑන තර්ජන සඳහා විසඳුම් සොයා ගැනීම පිණිස ආරක්‍ෂක ප‍්‍රධානීන් එකට එක්ව කටයුතු කිරීම සඳහා සංසඳයක් සපයයි. මෙම සමුළුව හවායි හිදී සහ කලාපීය රටකදී ද්විවාර්ෂිකව පවත්වනු ලබයි.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.