මිනුස්කාහි එකසත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ ගුවන් හමුදා 4වන බලඇණියේ පදක්කම් ප්‍රදානය කිරීම

මධ්‍යම අප‍්‍රිකාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ ශ්‍රී ලංකා ගුවන් හමුදා 4 වන බල ඇණියේ පදක්කම් ප්‍රදානය කිරීමේ උත්සවයක් පසුගිය 2018 සැප්තැම්බර් මස 12 වන දින පවත්වන ලදී. මෙම පෙළපාලිය මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ, බි‍්‍රයා හි බලඇණි පරිශ‍්‍රයේදී පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා මිනුස්කාහි නැගෙනහිර ප‍්‍රිදේශයේ අණදෙන නිලධාරී බි‍්‍රගේඩියර් ජෙනරාල් අදිල් යමීන් මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි විය. එසේම මෙම ‍ඓතිහාසික අවස්ථාවට ශ්‍රී ලංකා ගුවන් හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ඒඑම් ද සොයිසා මහතා ද සහභාගී විය. මිනුස්කාහි ප‍්‍රධාන ගුවන් ගමන් නිළධාරී සොලෙමන් ඩොකොර් මහතා, මිනුස්කාහ බි‍්‍රයා කාර්යාල ප‍්‍රධානී සහ තවත් විශේෂ අමුත්තන් රැුසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙහි සංචාරයක නිරත වූ ගුවන් හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ඒඑම් ද සොයිසා මහතා බලඇණි පරිශ‍්‍රයේ ඉදිකරන ලද නිළධාරී නිවස්නය විවෘත කිරීමද සිදු කරන ලදී.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.