ලන්ඩන් කොටස් වෙළඳපොලේ ගිනි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ අභ්‍යාසයක්

ලන්ඩන් කොටස් වෙළඳපොලෙහි පසුගිය 2018 සැප්තැම්බර් මස 17 වන දින පවත්වන ලද ගිනි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ අභ්‍යාසය සඳහා ගුවන් හමුදා ගුවන් මෙහෙයුම් අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එස්කේ පතිරණ මහතාගේ මගපෙන්වීම යටතේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ ඒකකය සිය දායකත්වය ලබාදෙන ලදී.

ගිනි නිවීමේ පුහුණු පාසල් සහ ගිනි ටෙන්ඩර් නඩත්තු පක්‍ෂාංගයෙහි ප‍්‍රධාන උපදේශක ස්කොඩ්රන් ලීඩර් ආර්සීඑන් රන්නෙත්ති ඇතුළු ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ භටයින් මෙම ගිනි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ අභ්‍යාසය සඳහා සහභාගී වූහ. ගුවන් හමුදා ප‍්‍රධාන ගිනි නිලධාරී ස්කොඩ්රන් ලීඩර් සීපී හෙට්ටිආරච්චිගේ අධීක්‍ෂණය යටතේ මෙම අභ්‍යාසය පවත්වන ලදී.

මෙහිදී ගුවන් හමුදා ගිනි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ භටයින් විවිධ ගිනි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ අභ්‍යාසයන් රැසක් ඉදිරිපත් කරන ලදී. එහිදී කඹ ආධාරයෙන් තුවාල කරුවන් හා උස් ගොඩනැගිලිවල සිරවූ පුද්ගලයින් බේරා ගැනීම, ගිලන් ඇඳක් ආධාරයෙන් තුවාලකරුවන් පහළට ගෙන ඒම ආදී විවිධ ගිනි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ ක‍්‍රම නිරූපණයන් ඉදිරිපත් කරන ලදී.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.