ආසියානු දැල්පන්දු තරඟාවළියේදී සහ කැරම් ලෝක ශූරතාවළියේදී ශී‍්‍ර ලංකාවට කීර්තියක් අත්කරදුන් ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ගුවන් හමුදාවෙන් උපහාර

2018 වසරේ කැරම් ලෝක ශූරතාවය සහ ආසියානු දැල්පන්දු තරඟාවළියේදී ශ‍්‍රී ලංකාවට ගෞරවයක් සහ කීර්තියක් අත්කර දෙමින් ශූරතාවයන් දිනාගත් කණ්ඩායමේ ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් හට ඔවුන් විසින් ගුවන් හමුදාවට අභිමානයක් අත්කරදීම වෙනුවෙන් සහ ඔවුන්ගේ දක්‍ෂතා අගයමින් උපහාර පිදීමක් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප‍්‍රධානත්වයෙන් 2018 ඔක්තෝබර් මස 01 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී. මෙහිදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන් හට උසස්වීම් ප‍්‍රදානය කරන ලද අතර මුදල් ත්‍යාග ප‍්‍රදානයක්ද සිදු කරන ලදී.

ගුවන් හමුදාපතිතුමාගේ සංකල්පයකට අනුව අනුව ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් දිිරිගැන්විමෙි අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.

ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් ඇතුලු ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, ගුවන් හමුදා කැරම් සංචිත සභාපති ගෲප් කැප්ටන් තුෂාර සිරිමාන්න, ගුවන් හමුදා දැල්පන්දු සංචිත සභාපතිනී ගෘාප් කැප්ටන් සුරේඛා ඩයස් සහ ගුවන් හමුදා ක‍්‍රීඩා කවුන්සිල ලේකම් ගෲප් කැප්ටන් පද්මන් ද කොස්තා ඇතුලූ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

උපහාර ලත් ක‍්‍රිඩක ක‍්‍රිඩිකාවන්
ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් චතුරංගි ජයසූරිය (ශ‍්‍රී ලංකා දැල්පන්දු නායිකා)
සැරයන්  සුලේකා කුමාරි  (දැල්පන්දු)
සැරයන් තිලිණි වත්තේගෙදර   (දැල්පන්දු)
නායක ගුවන් කාන්තා  දුලංගා ධනන්ජි  (දැල්පන්දු) 
නායක ගුවන් කාන්තා යශිකා රාහුබද්ද   (කැරම්) 
නායක ගුවන් කාන්තා චලනි  ලියනගේ  (කැරම්) 
නායක ගුවන් භට උදේශ් පෙරේරා   (කැරම්) 


  

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.