ගුවන් හමුදාපතිතුමා කටුනායක කඳවුරේ වාර්ෂික ගුවන් හමුදාපති පරීක්ෂණය සිදු කරයි

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාපති එයාර් චිෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක විසින් කටුනායක ගුවන් හමුදා කඳවුරේ වාර්ෂික ගුවන් හමුදාපති පරීක්ෂණය පසුගිය 07 සහ 08 යන දෙදින තුල සිදුකරන ලදී.

කටුනායක කඳවුරු අණදෙන නිළධාරී ගුවන් කොමදෝරු රනිල් ගුරුසිංහ අණ දුන් පෙළපාලියකින් ගුවන් හමුදාපතිතුමාව කඳවුරු පරිශ්‍රයට පිළිගත් අතර දින දෙකක් පුරාවට කටුනායක කඳවුර ගුවන් හමුදාපති තුමාගේ පරික්ෂණයට ලක් කරන ලදී.

ගුවන් හමුදාව තුල විශාල වශයෙන් සැපයුම්, පරිපාලනමය, ඉංජිනේරු සේවා සහ සිවිල් ඉංජිනේරු ආදී නොයෙකුත් සේවාවන් සිදු කරන කඳවුරක් වශයෙන් කටුනායක කඳවුර හැඳින්විය හැකිය.

ගුවන් හමුදාව තුල විශාල වශයෙන් සැපයුම්, පරිපාලනමය, ඉංජිනේරු සේවා සහ සිවිල් ඉංජිනේරු ආදී නොයෙකුත් සේවාවන් සිදු කරන කඳවුරක් වශයෙන් කටුනායක කඳවුර හැඳින්විය හැකිය. එසේම අංක 04,05,10 සහ 12 වශයෙන් පියාසර බලඝණ 04ක් පිහිටා ඇති අතර පක්ෂාංගයන් ඇතුළු අනෙකුත් අංශයන් ගුවන් හමුදාපති තුමන්ගේ පරීක්ෂණයට ලක් කරන් ලදී.




ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.