රොදර්හැම් සර්කිට් මීට් 2018

රොදර්හැම් සර්කිට් මීට් 2018 මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟාවළිය කටුකුරුන්ද ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරු ධාවන පථයේදී 2018 ඔක්තෝම්බර් මස 21 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලදී. ජවය, බලය, ත‍්‍රාසය කුතුහලය පිරි තරඟාවළියක අත්දැකීම විඳගැනීම පිණිස අති විශාල පිරිසක් කටුකුරුන්ද ගුවන් ධාවන පථය වටා එක්රොක් වූහ.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය, ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස්, ගුවන් හමුදා සාමාන්‍ය ඉංජිනේරු අධ්‍යක්‍ෂක සහ ගුවන් හමුදා මෝටර් රථ ධාවන සංචිතයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් ඒඩබ්ඊ විජේසූරිය, ශ‍්‍රි ලංකා ගුවන් හමුදා මෝටර් ධාවන සංවිධායක කමිටු සභාපති එයාර් කොමඩෝර් සීඑච්ආර් සොයිසා, ගුවන් හමුදා අද්‍යක්‍ෂක මණ්ඩල සාමාජිකයින්, නිළධාරීන්, සෙසු නිළයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සමාජිකාවන් රැසක්ද මෙම අවස්ථාවට එක්වූහ.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.