අන්තර් ඒකක කරාටේ තරගාවලිය - 2018

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක කරාතේ තරඟාවළිය 2018 ඔක්තෝම්බර් මස 22 වන දින කොළඹ ගුවන් හමුදා සෞඛ්‍ය කළමණාකරන මධ්‍යස්ථානයේදී නිමාවට පත්විය. එහිදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුර පිරිමි අංශයේ ශූරතාවය දිනා ගනු ලැබූ අතර චීන වරාය විද්‍යාපීඨය කාන්තා අංශයේ ශූරතාවය දිනා ගන්නා ලදී.

ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල සහ කටුනායක ගුවන් හමුදා කඳවුරු 26 වෙනි රෙජිමේන්තු පක්‍ෂාංගය පිළිවෙලින් පිරිමි සහ කාන්තා අනුශූරතාවය දිනා ගන්නා ලදී.

ගුවන් හමුදා ගුවන් යානා ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එම්ඩී රත්නායක මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මේ අවස්ථාවට සහභාගී විය. ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, ගුවන් හමුදා කරාතේ සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් එම්ඩීජේ වාසගේ, නිළධාරීන් සහ සෙසු නිළයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.