ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉංග්‍රීසි දිනය 2010

ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉංග්‍රීසි දිනය, ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන්ගේ ඉංග්‍රීසි පිළිබඳ දැනුම වර්ධනය කර ගැනීම සඳහා මෙම මස 13 වන දින ඉංග්‍රීසි දිනය ඒකල කඳවුරේදී දෙවන වරටත් පවත්වන ලදී.

විශ්ව ගම්මානයේ විශ්ව භාෂාව වන ඉංග්‍රීසි භාෂාව, තාක්ෂණයත් සමග දිනෙන් දින වර්ධනය වන සේවා පුද්ගලයින්ගේ වැඩ කටයුතු පහසු කර ගැනීමට මෙය උපකාරී වනු ඇත.

නාට්‍යය, ගද්‍යය, පද්‍යය රචනා, කථික, විවාද සහ නොයෙකුත් අංශයන් යටතේ 08, 09 සහ 10 දින ඒකළ කඳවුරේදී පැවැත්වු අතර 13 වන දින මෙම තරගවල අවසන් තරග පවත්වා ජයග්‍රාහකයන් තෝරා ගන්නා ලදී.

ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන්ගේ දක්ෂතා ඇගයිමට ලක්වුයේ ජයවර්ධන පුර, කොළඹ සහ විවෘත විශ්ව විද්‍යාලයයන්ගේ සහ බ්‍රිතාන්‍යය කවුන්සිලයේ ප්‍රවීනයන් විසිනි.

ගුවන් හමුදා උප මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වු අතර ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය, නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක් මෙම උතසවයට සහභාගී විය.





ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.