'ග්ලිම්පස් ඔෆ් එමරල්ඩ්ස්' කාන්තා රාත‍්‍රිය 2018

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලද, ”ග්ලිම්පස් ඔෆ් එමරල්ඩ්ස්” කාන්තා රාත‍්‍රිය  2018 වර්ණවත් රාති‍්‍රය 2018 ඔකතෝම්බර් මස 30 වන දින කටුනායක ඊගල්ස් ලැගුන් වීව් උත්සව ශාලාවේදී උසස් අන්දමින් පවත්වන ලදී.

ගුවන් හමුදා කාන්තා සාමාජිකාවන් අතර මිත‍්‍රශීලී සබඳතා ගොඩනඟා ගැනීමට මිතුරන් අතර සැහැල්ලු වාතාවරණයක් භුක්ති විඳීම, ඔවුන්ගේ කාර්යබහුල ජීවිතයෙන් කෙටි සහනයක් ලබා ගැනීම සඳහා මෙම රාත‍්‍රිය සංවිධානය කරන ලදී.

මෙම චමත්කාරජනක රාති‍්‍රයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පූජා උමාශංකර් මහත්මිය සහභාගී වූවාය. මෙම අවස්ථාව සංවිධානය කිරීම පිණිස ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය අනෝමා ජයම්පති මහත්මිය විසින් නායකත්වය සපයනු ලැබුවාය.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.