වාර්ෂික මාර්ග ධාවන තරගය - 2018

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ක‍්‍රීඩා කවුන්සලය මගින් සංවිධානය කරන ලද ගුවන් හමුදා වාර්ෂික මාර්ග ධාවන තරගය 2018 නොවැම්බර් මස 03 වන දින උදෑසන කොළඹ ගුවන් හමුදා කඳවුරු රයිෆල් ග‍්‍රීන් කී‍්‍රඩාංගනයේදි නිමාවට පත්විය. මෙවර ධාවන තරඟාවලියෙහි සමස්ථ පිරිමි සහ කාන්තා ශූරතාවයන් කොළඹ ගුවන් හමුදා කඳවුරු කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී.

මෙවර මාර්ග ධාවන තරඟය සඳහා ගුවන් හමුදා නිළධාරීන්, නිළධාරිනියන්, ගුවන් භටයින් සහ ගුවන් කාන්තාවන් 300 කට අධික ප‍්‍රමාණයක් සියලුම කඳවුරු නියෝජනය වන පරිදි මේ සඳහා සහභාගී වූ අතර විවිධ වයස් කාණ්ඩයන් යටතේ ඔවුන් තරඟ වදින ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස්, ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලය, ගුවන් හමුදා නිළධාරීන්, සෙසු නිළයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

තරග විස්තර

සමස්ථ ශූරතාවය පිරිමි -  ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර කොළඹ
සමස්ථ ශූරතාවය කාන්තා -  ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර කොළඹ
තරඟාවළියේ මාර්ග ධාවන ශූරයා -  නායක ගුවන් භට විජේසිංහ ඊජීජීසී (කොළඹ ගුවන් හමුදා කඳවුර)
තරඟාවළියේ මාර්ග ධාවන ශූරිය - නායක ගුවන් කාන්තා ඒකනායක බීජීඩීකේ (වන්නි ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසල)


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.