ගුවන් හමුදා දියතලාව කදවුර සිය 58 වන සංවත්සරය සමරයි

අණදෙන නිලධාරී ගෲප් කපිතාන් පී එල් ජී කොඩිප්පිලි වැඩ පෙළපාලිය පරීක්ෂණය කිරීමෙන්  අනතුරුව සංවත්සරය සැමරීමේ වැඩකටයුතු ආරම්භ කෙරුනු අතර, "හරිත මාසය" නමින් පැල සිටුවීමේ ව්‍යාපෘතියක් ද මෙයට සමගාමිව සිදුකරන ලදී.

අනතුරුව දියතලාව දුම්රිය ස්ථානය, කහගොල්ල මුස්ලිම් දේවස්ථානය, කහගොල්ල කතෝලික දේවස්ථානය, විහාර කැලේ පංසල් පරිශ්‍රය, බෝධි මලුව විහාරය හා දියතලාව හින්දු කෝවිල යන පොදු ස්ථාන සේවා හා සිවිල් පුද්ගලයින්ගේ සහභාගිත්වයෙන් සුද්ද පවිත්‍ර කරන ලදී.

මීට සමගාමීව, සංවත්සරයට පසුදින විවිධ ක්‍රීඩාවන්හි නියෙලීමෙන් අනතුරුව සියළු නිලයන්ගේ සහභාගිත්වයෙන් දිවා ආහාරය ගුවන් භට භෝජනාගාරයේදී සිදුකෙරෙනු අතර සන්ද්‍යාව රසවත් කිරීමට සංගීත වැඩසටහනක් සේවා හා සිවිල් පුද්ගයන් වෙනුවෙන් සංවිධානය කර තිබුනි. පැමින සිටි සියලු දෙනාම මන්මත් කරවන සුලු ආකර්ෂනීය නර්ථන අංගයන් කිහිපයක් ගුවන් හමුදා  නර්ථන කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලදී. 

br>


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.