නේපාල ශිෂ්‍ය නිළධාරීන් ගුවන් හමුදා කෞතුකාගාරය නරඹ්ති

ශිෂ්‍ය නිළධාරීන් 21 දෙනෙකු ශ්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරය නැරඹීම සඳහා පසුගිය ජනවාරි මස 04 වන දින ගුවන් හමුදා රත්මලාන කඳවුරට පැමිණියහ. මෙසේ පැමිණෙන ලද්දේ නේපාල අණ හා මාණ්ඩලික පාසලේ 20 වන පාඨමාලාව හදාරන ශිෂ්‍ය නිළධාරීන් 21 දෙනෙකි.

රත්මලාන ගුවන් හමුදා කඳවුරු භූමියේ පිහිටා ඇති ගුවන් හමුදා කෞතුකාගාරය වෙත පැමිණි මෙම ශිෂ්‍ය නිළධාරීන් පිළිගනු ලැබුවේ රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ගුවන් කොමදෝරු සුමංගල ඩයස් මහතා විසිනි. ඉන් අනතුරුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අතීත අභිමානය ලොවට පිළිබිඹු කරන ගුවන් හමුදා කෞතුකගාරය නැරඹීම මෙම ශිෂ්‍ය නිළධාරීන් විසින් සිදු කරන ලදී.

ශ්‍රී ලංක ගුවන් හමුදාව භාවිතා කරනු ලැබූ පලමු ගුවන් යානයේ සිට මේ දක්වා භාවිතයට ගැණුනු සියළුම ගුවන් යානා මෙන්ම භාවිතයට ගැණුනු සියළුම යාන වාහන ඇතුළු බඩු භාණ්ඩ ප්‍රදර්ශනය කෙරෙන ප්‍රදර්ශන කුටි නැරඹූ අතර ගුවන් හමුදාව විසින් වෙඩි තබා බිම හෙලන ලද එල්.ටී.ටී.ඊ. ය සතුව පැවති ගුවන් යානයේ සුන් බුන් මෙන්ම ගුවන් හමුදාව විසින් ගුවනේ සිට ප්‍රහාර එල්ල කොට විනාශ කරන ලද මෝටාර් අවිය ඇතුළු අත් අඩංගුවට ගත් ඔවුනගේ  බඩු භාණ්ඩ සියල්ලද නරඹන ලදී.

මේ ප්‍රදර්ශන කුටි සියල්ල වෙත මෙම ශිෂ්‍ය නිළධාරීන් කැඳවාගෙන ගොස් සියළුම ප්‍රදර්ශන භාණ්ඩ විස්තර කරදීම ගුවන් හමුදා කෞතුකාගාරයේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් මලින්ත පෙරේරා මහතා විසින් සිදු කරන ලදී.

ශිෂ්‍ය නිළධාරීන් 21 දෙනෙකු ශ්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරය
නැරඹීමටශිෂ්‍ය නිළධාරීන් 21 දෙනෙකු ශ්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරය
නැරඹීමටශිෂ්‍ය නිළධාරීන් 21 දෙනෙකු ශ්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරය
නැරඹීමටශිෂ්‍ය නිළධාරීන් 21 දෙනෙකු ශ්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරය
නැරඹීමටශිෂ්‍ය නිළධාරීන් 21 දෙනෙකු ශ්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරය
නැරඹීමට

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.