අළුතින් බඳවාගන්නා ලද ශිෂ්‍ය නිළධාරීන් දිවුරුම් දෙයි

අංක 72 ශිෂ්‍ය නිළධාරී පාඨමාලාව සඳහා අලුතින් බඳවාගන්නා ලද ශිෂ්‍ය නිළධාරීන් සිව් දෙනෙකු 2019 ජනවාරි මස 08 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී සිය දිවුරුම් දීම සිදු කරන ලදී. දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ පවත්වනු ලබන ඔවුන්ගේ මූලික පුහුණු පාඨමාලාවට පිටත්ව යාමට පෙර මෙසේ දිවුරුම් දීම සිදුකෙරිණි.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ඔවුන් හට සිට සුභාශිංෂන එක් කරන ලද අතර ගුවන් හමුදා ප‍්‍රධාන බඳවා ගැනීමේ නිළධාරී එයාර් කොමඩෝර් ජානක අමරසිංහ ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.