ගුවන්පුර කඳවුරු පරිශ‍්‍රයේ නව කායවර්ධන මධ්‍යස්ථානයක් ගුවන් හමුදාධිපතිතුමන් අතින් විවෘත කෙරේ

ගුවන්පුර ගුවන් හමුදා සේවා පුද්ගල විවාහක නිවස්න පරිශ‍්‍රයේ අළුතින් ඉදිකරන ලද කායවර්ධන මධ්‍යස්ථානයක් 2019 ජනවාරි මස 08 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා අතින් විවෘත කෙරිණි.

පසුගිය වසරේ ගුවන් හමුදාධපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය අවස්ථාවේ කොළඹ කඳවුරු අණදෙන නිළධාරීතුමන් විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව මෙම කායවර්ධන මධ්‍යස්ථානය ඉදිකරන ලදී. ගුවන් හමුදාධිපතිතුමන්ගේ අනුමැතිය පරිදි මෙහි ඉදිකිරීම් කටයුතු ඉතා කෙටි කාලයකින් සිදු කරන ලදී. මෙමගින් ගුවන්පුර ගුවන් හමුදා විවාහක නිවස්න පරිශ‍්‍රයේ වාසය කරනු ලබන නිලධාරීන් සහ සෙසුනිළයන් රැසක් හට තම ව්‍යායාම් කටයුතු සිදුකර ගැනීමට අවස්ථාව සැලසේ.

ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස්, කොලඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ජීජීඩබ්ටීකේ ගුණවර්ධන, නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.