වීරවිල ගුවන් හමුදා කඳවුරු මූලස්ථාන ගොඩනැගිල්ල ගුවන් හමුදාධිපතිතුමන් අතින් විවෘත කෙරේ

වීරවිල ගුවන් හමුදා කඳවුරේ අළුතින් ඉදිකරන ලද නව කඳවුරු මුලස්ථාන ගොඩනැගිල්ල ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් 2019 ජනවාරි මස 12 වන දින විවෘත කරණ ලදී. මෙම ගොඩනැගිල්ල ගුවන් හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ඉදිකරණ ලදී.

මෙහි ඉදිකිරීම් කටයුතු ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂකයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ රත්මලාන ගුවන් හමුදා කඳවුරු ගුවන් ධාවන පථ ඉදිකිරීම් පක්‍ෂාංගය විසින් ඉතා කෙටි කාලයකදී සිදු කරණ ලදී.

ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එම.ආර්.කේ. සමරසිංහ, වීරවිල ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඪිආර්ඒබී වරකාංග, සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂකයේ නිලධාරීන් සහ සෙසු නිළයන්, වීරවිල ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් සහ සෙසු නිළයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.