ඡාත්‍යයන්තර හමුදා ක්‍රීඩා කවුන්සල (සී අයි එස් එම්) දින ධාවනය 2019

2019 වසරේ ඡාත්‍යයන්තර හමුදා ක්‍රීඩා කවුන්සල දින ධාවනය පෙබරවාරි මස 18 වන ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවින්ද‍්‍ර සී. විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ප‍්‍රදීපාගාරය ඉදිරිපිටින් ආරමිභ විය. මෙම අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල මාර්ග ධාවනය සඳහා යුද හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති යන මහත්වරුන් ද සහභාගී වූ අතර ධාවනයහි සම්පුර්ණ දුර කිලෝ මිටර් 3 කි.

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සලය 1948 වසරේ පෙබරවාරි 18 වන දින ආරම්භ කර ඇති අතර, මෙම සංවිධානය යටතේ රටවල් 133 ක සන්නද්ධ හමුදාවන් සාමාජිකත්වය දරණ අතර විවිධ වූ ක්‍රීඩා අවස්ථාවන් සංවිධානය කිරීම මෙමගින් සිදු කරයි. පෙර අවස්ථාවන් වලදී සටන් බිමේ හමුවූ ඔවුන් මෙම සී අයි එස් එම් සංවිධානය යටතේ මිත්‍රත්වයෙන් යුතුව ක්‍රීඩා පිටියේදී එකිනෙකා හමුවේ.

1998 වසරේදී සී අයි එස් එම් සංවිධානයේ දර්ශනය හා පරමාදර්ශයන් ඇතුළත්ව සිය මෙහෙවර ප‍්‍රකාශයට පත් කරන ලද අතර මෙම සියළු රටවල් එයට අත්සන් තබන ලදී. සි අයි එස් එම් සංවිධානයේ තේමාව වන ”ක‍්‍රීඩාව හරහා මිත‍්‍රත්වය” යන්න සාක්ෂාත් කර ගැනීම උදෙසා ක‍්‍රීඩාව හරහා සන්නද්ධ හමුදාවන් ඒකාබද්ධ කිරීම තුළින් ලෝක සාමයට දායකත්වය සැපයීම සිය අවසාන අරමුණ වෙයි.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.