අන්තර් ඒකක පාපන්දු තරඟාවළිය 2019

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක පාපන්දු තරඟාවළිය 2019 පෙබරවාරි මස 26 වෙනි දින ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල් ක‍්‍රීඩාංගණයේදී නිමාවට පත්විය. ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල සහ කොළඹ ගුවන් හමුදා කඳවුර පිළිවෙලින් පිරිමි සහ කාන්තා ශූරතාවයන් දිනා ගන්නා ලදී.

පිරිමි අවසන් මහා තරඟයේදී ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල විසින් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපල ගුවන් හමුදා කඳවුරු කණ්ඩායම ගෝල 1-0 ක් ලෙස පරාජයට පත් කරන ලදී. චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨය ගෝල 1-0 ක් ලෙස පරාජයට පත්කරමින් කොළඹ ගුවන් හමුදා කඳවුර කාන්තා හූරතාවය දිනා ගන්නා ලදී.

ගුවන් හමුදා විද්‍යුත් හා විදුලිසංදේශ අධ්‍යක්‍ෂක එයාර් වියිස් මාර්ෂල් කේඒඑල් රණතුංග ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. ගුවන් හමුදා පාපන්දු සංචිතයේ සභාපති ගෲප් කැප්ටන් ජූඩ් පෙරේරා, නිලධාරීන් සහ සෙසු නිළයන් රැුසක් මෙම අවස්ථාවට එක් වූහ.

දක්‍ෂතම ක‍්‍රීඩකයා
කෝප‍්‍රල් තිසේරා එච්ඒආර්පී

දක්‍ෂතම ක‍්‍රීඩිකාව
නායක ගුවන් කාන්තා පබසරා

දක්‍ෂතම දැල් රකින්නා
නායක ගුවන් භට රත්නායක ආර්එම්එච්බී

දක්‍ෂතම දැල් රකින්නිය
නායක ගුවන් කාන්තා මධුෂානි කේඩබ්ඒඩී

වැඩිම ගෝල ලබාගත් ක‍්‍රීඩකයා
නායක ගුවන් භට ෂෙහාන් ඊකේඒ

වැඩිම ගෝල ලබාගත් ක‍්‍රීඩිකාව
නායක ගුවන් කාන්තා ජනනි ජේ

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.