ශ‍්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ තෙවන වාර්ෂික අධ්‍යයන සැසිය

ශ‍්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ තෙවන වාර්ෂික අධ්‍යයන සැසිය 2019 මාර්තු මස 22 වන දින අත්තිඩිය, ඊගල්ස් ලේක්සයිඩ් හෝටලයේදී ආරම්භ විය. රාජ්‍ය ආරක්‍ෂක සහ ජනමාද්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මහතා මෙහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.

ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා, ත‍්‍රිවිධ හමුදාධිපතිවරුන්, ත‍්‍රිවිධ හමුදා උසස් නිළධාරීන්, ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිළධාරීන්, රාජ්‍යතාන්ත‍්‍රික නියෝජිතයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

සමුළුව ආරම්භ කරමින් ශ‍්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ සභාපති, ශ‍්‍රි ලංකා ගුවන් හමුදා සෞඛ්‍ය අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එල්ආර් ජයවීර මහතා පිළිගැනීමේ කථාව සිදුකරන ලදී. ”හමුදා වෛද්‍ය විද්‍යාව - අනාගතය : හමුදා සහ සිවිල් වෛද්‍ය සහක‍්‍රියාවන් වර්ධනය” යන මාතෘකාව යටතේ මෙවර සමුළුවේ ආරම්භක දේශනය ගරු රුවන් විජේවර්ධන මහතා විසින් සිදුකරන ලදී.

මෙම සමුළුවේ ප‍්‍රධාන කථාව ”හමුදා සහ සිවිල් වෛද්‍ය සහක‍්‍රියාවන් වර්ධනය : අන්තරායන්” යන මාතෘකාව යටතේ අන්තරජාතික හමුදා වෛද්‍ය කමිටුවේ මහලේකම් (විශ‍්‍රාමික) මේජර් ජෙනරාල් වෛද්‍ය රොජර් වැන් හූෆ් (එම්ඩී) මහතා විසින් සිදු කරන ලදී.

මෙහි අධ්‍යයන සැසි වාරයන් 2019 මාර්තු මස 23 සහ 24 යන දිනයන්හිදී පවත්වන ලද අතර එහිදී සැසි වාරයන් නවයක් යටතේ දේශීය සහ විදේශීය කථිකයින් තිස් දෙදෙනෙකු (32) යුධ තුවාලකරුවන් රැුකවරණය, දියයට වෛද්‍ය විද්‍යාව, ගුවන් සේවා වෛද්‍ය විද්‍යාව, කාන්තා හා ළමා සහ හමුදාව, දැඩි සත්කාර වෛද්‍ය විද්‍යාව, ශරීරාංග ඉවත් කිරීම සහ කෘතිම අවයව බද්ධ කිරීම, වෛද්‍ය විද්‍යාව සහ දන්ත වෛද්‍ය විද්‍යාව සංසන්දනය : වඩා හොඳ ප‍්‍රථඵලයක් සඳහා, ආහාර සහ තරබාරුකම සහ ක‍්‍රීඩා වෛද්‍ය විද්‍යාව  යන මාතෘකාවන් යටතේ තම දැනුම හුවමාරු කරගන්නා ලදී.

හමුදා වෛද්ය විද්යාවේ පර්යේෂණල නවෝත්පාදනයන්ල පුහුණුව සහ උපදේශනය එහි සාමාජිකත්වය අතර ප‍්‍රවර්ධනය කිරීම ශ‍්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ මූලික අරමුණ වෙයි. එය ජාත්යන්තර හමුදා වෛද්‍ය කමිටුවේ පිළිගැනීමක්ද ලබා ඇත.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.