ගුවන් හමුදා වෙඩි තැබීමේ පුහුණුකරු ජාතික වෙඩි තැබීමේ පුහුණුකරු ධූරයට

නේපාලයේ පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ජාතික වෙඩි තැබීමේ ක්‍රීඩා සම්මේලනය විසින් ජාතික වෙඩි තැබීමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වර්තමාන වෙඩි තැබීමේ පුහුණුකරු බලලත් නිලධාරී චන්දන ජීඑම් (විශ්‍රාමික) තෝරාගෙන තිබේ.

පානදුර ප‍්‍රදේශයෙන් 1985 වසරේදී ගුවන් හමුදාවට බැදුනු බලලත් නිලධාරි චන්දන 2007 වසර දක්වා සේවය කරනු ලැබූ අතර බන්ඩාරගම ගල්තුෙඩේ කනිෂ්ඨ විද්‍යාලය සහ පින්වත්ත සද්ධර්මාසන පිරිවෙන් වලින් අධ්‍යාපනය ලද ඔහු 1995 ඉන්දියාවේ පැවති 7වන දකුණු ආසියානු ක‍්‍රිඩා උළලේදී සහ 1999 නේපාලයේ පැවති 8වන දකුණු ආසියානු ක‍්‍රිඩා උළලෙවල් වලදී වෙඩි තැබීමේ අංශයෙන් ලෝකඩ පදක්කම් දිනාගත් අතර 1998 ක්‍රෙඒෂියාවේ පැවති ලෝක හමුදා ශූරතාවලිය සහ 2006 ඔිස්ටෙ‍්‍රිලියාවේ පැවති 18 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළලෙ වැනි ජාත්‍යන්තර තරග ගණනාවකදි ශ‍්‍රී ලංකාව නියේජනය කර ඇති ඔහු දක්ෂ ක‍්‍රීඩකයෙකි.බලලත් නිලධාරී චන්දන 2018 වසරේදි ගුවන් හමුදා පිස්තෝල පුහුණුකරු ලෙස පත්කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.