බෝම්බ නිෂ්ක‍්‍රීය කිරීමේ මූලික පුහුණු පාඨමාලාවේ ලාංඡුන පැළඳවීම

පාලවිය ගුවන් හමුදා කඳවුරු බෝම්බ නිෂ්ක‍්‍රීය කිරීමේ පුහුණු පාසල මගින් පවත්වන ලද අංක 52 ගුවන්භට, අංක 28 නාවික හමුදා සහ අංක 02 විදේශ සිසුන්ගේ බෝම්බ නිෂ්ක‍්‍රීය කිරීමේ මූලික පුහුණු පාඨමාලවන් හැදෑරූ පුහුණුවන්නන් හට නිළ ලාංඡන පැළඳවීම 2019 ජූනි මස 19 වන දින පාලවිය ගුවන් හමුදා කඳවුරු බෝම්බ නිෂ්ක‍්‍රීය කිරීමේ පුහුණු පාසල් ප‍්‍රධාන ශාලාවේදී  සිදුකරන ලදී. පාලවිය ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ගෘප් කැප්ටන් ජීඑස්එන් ප්‍රියදර්ශන මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය.

මෙම පාඨමාලාව 2019 ජනවාරි මස 14 වන දින ආරම්භ වූ අතර ගුවන් හමුදා නිලධාරීන් 02 ක්, ගුවන් භටයින් 27 දෙනෙකු, ගුව්න කාන්තාවන් 03 දෙනකු, පාකිස්ථාන ගුවන් හමුදා නිළධාරියෙකු, නාවික හමුදා නිළධාරීන් 02 ක් සහ නාවික භටයින් 04 දෙනෙකුගෙන් මෙම පාඨමාලාව සමන්විත විය. රටෙහි උද්ගත වූ හදිසි ආරක්‍සක වාතාවරණය හේතුකොට ගෙන පාඨමාලාව හදාරමින් සිටි ගුවන් හමුදා නිළධාරීන් දෙදෙනා, ගුවන් භටයින් 26 දෙනෙකු සහ ගුවන් කාන්තාවන් තිදෙනා බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලෙහි ආරක්‍ෂක රාජකාරින වෙත යාකරන ලදී.

ඒ අනුව එක් නාවික හමුදා නිළධාරියෙකු, එක් පාකිස්ථාන නිළධාරියෙකු, ගුවන් භටයින් එක් අයෙකු සහ නාවික භටයින් සිව් දෙනෙකු පාඨමාලාව සාර්ථකව හදාර නිම කොට සහතික පත් ලබා ගත්හ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.