පියාසර ඉංජිනේරු පාඨමාලාව සදහා නිළ ලාංජන පැලදවීම

පියාසර ඉංජිනේරු පාඨමාලාවන් හැදෑරූවන් සදහා නිළ ලාංජන පැළදවීමක් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් 2019 ජූලි මස 09 දින ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

මෙහිදී එම් අයි 17 හෙලිකොප්ටර්වල පැය 100 ක පුහුණු කාලයක් සම්පූර්ණ කල බලපංති සැරයන් විමල්සිරි පීඒඒ සහ කෝප‍්‍රල් සිරිවර්ධන අයිජීඑම්එන් පියාසර ඉංජිනේරු ලාංජනය ලබාගන්නා ලදී.

තවද ගුවන් හමුදා සීගිරිය කදවුරේ සැරයන් ගුණසේන සීගිරිය කදවුර වෙනුවෙන් කළ සේවය ඇගයීම වස් මෙහිදී ගුවන් හමුදාධිපති තුමන්ගේ ඇගයීමට ලක්කෙරිණි.අවි උපදේශකයෙකු සහ පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක‍්‍රීය කිරීමේ සුදුසුකම් ලත් ජේ්‍යශ්ඨ අධිකාරි නොලත් නිලධාරිවරයෙකු වන මොහු  සිගිරිය ගුවන් හමුදා කදවුර සඳහා පෙළපාළි භූමියක් නිර්මාණය කිරීමේදී රාජකාරිය ඉක්මවා මූලිකත්වය ගෙන කටයුතු කර ඇත.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.