කාන්තා අයිතිවාසිකම් හා නීති මාලාව පිළිබඳ දැනුවත් කිරීෙම වැඩසටහන 2019

ශි‍්‍ර ලංකා ගුවන් හමුදා නිති දෙපාර්තමෙන්තුව හා ගුවන් කාන්තා පක්ෂාංගය විසින් එකාබද්ධව මෙහෙයවන ලද කාන්තා අයිතිවාසිකම් හා නීති මාලාව පිළිබඳ දැනුවත් කිරීෙම වැඩසටහනක් 2019 ජූලි මස 10 වන දින චීනවරාය ශි‍්‍ර ලංකා ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදා සාමාජිකයන් 150 කට අධික පිරිසක ගේ සහභාගිත්වයෙන් පැවැත්විය.

මෙම වැඩමුළුව සදහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව චීනවරාය, අම්පාර, මඩකළපුව, මොරවැව, ඉරණමඩුව, පාලවිය හා සටන් පුහුණු පාසළ වන්නි යන කදවුරු වල පිරිස් සහභාගි වූහ. ශ්‍රී ලංකා පොලිසියේ සහකාර පොලිස් අධිකාරි බිම්ෂානි ජයසිංහආරච්චි මහත්මිය සහ ළමා හා කාන්තා හිංසනය වැළැක්වීමේ කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා නියෝජනය කරමින් උප පොලිස් පරීක්ෂක ප්‍රියංකා බන්ඩාර යන මහත්මින්  දේශකවරුන් ලෙස මෙම අවස්ථාවට සහභාගි විය.මෙම වැඩසටහන සම්බන්ධීකරණය කළේ කාන්තා පක්ෂාංගයේ මාණ්ඩලික නිලධාරී  බලඝන නායක ඊඑම්සීජී ඒකනායක විසිනි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.