ගුවන් විරුවන්ට සෙත්පතා වාර්සික සර්ව රාත‍්‍රික පිරිත් පිංකම ඒකළ ගුවන් හමුදා කදවුරේදි

ලකඹර සුරකිමින් තම දේශය වෙනුවෙන් දිවිපිදූ අභීත ගුවන් විරුවන් අනුස්මරණය කිරිම වෙනුවෙන් ගුවන් හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලැබු ගුවන් විරුවන් අනුස්මරණය කිරීමේ පිංකම් මාලාව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මැතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් ගුවන් හමුදා ඒකල කඳවුරු පරිශ‍්‍රයේ පැවැත්වින.

මෙහිදි ගුවන් හමුදාෙවි මියගිය,අතුරුදහන් වු හා අබාධිත තත්වයට පත්වු මෙන්ම දැනට සක‍්‍රිය සේවයේ නියුතු සියළුම ගුවන් විරුවන්ට සෙත්පතා සර්ව රාත‍්‍රික පිරිත් පිංකම 2019 ජුලි මස 12 වන දින රාත‍්‍රි පැවැත්වු අතර අමරපුර මහ නිකායේ මහා නායක ධර්මපාල වංශාලංකාර සද්ධර්ම කිර්ති ශි‍්‍ර ති‍්‍රපිටක විශාරද අග‍්‍රමහා පණ්ඩිත කොටුගොඩ ධමිමාවාස ස්වාමින්ද්‍රයානන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝ රත්නය උදෙසා සපිරිකර සංඝගත දකෂිණාව 2019 ජුලි මස 13 වන දින පැවැත්වින.

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ නිළධාරිතුමන් ගුවන් හමුදා අධ්‍යෂක මණ්ඩලයේ නිළධාරින් ඒකළ ගුවන් හමුදා කදවුරු අණදෙන නිළධාරි ගෲප් කැප්ටන් ජුඩි පෙරේරා ඇතුළු ගුවන් හමුදා නිළධාරින් මෙන්ම සෙසු නිළයන් හා මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජික සමාජිකාවන් විශාල පිරිසක් සහභාගි විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.