ගුවන් හමුදාධිපති වාර්ෂික පරීක්‍ෂණය කටුනායක ගුවන් හමුදා කඳවුර - දෙවන සැසිය

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා විසින් කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමාගේ වාර්ෂික පරීක්‍ෂණය දෙවන සැසිය 2019 ජූලි මස 19 වන දින පවත්වන ලදී.

ගුවන් හමුදාධිපතිතුමන් විසින් කදවුරු පරීක‍ෂණය සිදුකරමින් සියලුම ස්ථාන පරීක‍ෂා කල අතර පරීක්ෂණය අවසානයේදී ගුවන් හමුදාධිපතිතුමා විසින් කටුනායක කඳවුරේ සියලූම නිළධාරීන්සෙසු නිළයන් හා සියලූම සිවිල් සේවකයින් හට කඳවුරු සංවිධානය වෙනුවෙන් කරන ලද වැඩ පිලිවෙල වෙනුවෙන් ස්තූති කරමින් ඒ අය අමතා කථා කරන ලද අතර මාතෘභූමිය ගොඩනැගීම සදහා නිරන්තරයෙන්ම ගුවන් හමුදාවේ දායකත්වය අවශ්‍ය බව ද අවධාරණයෙන් කියා සිටියේය.

කටුවපිටිය පල්ලියට මෑතකදී එල්ල වූ ත‍්‍රස්ත ප්‍රහාරයෙන් පසු ප්‍රදේශයේ ආරක්ෂාව තත්ත්වය තහවුරු කිරීම සඳහා කඳවුරේ කාර්ය මණ්ඩලය ඉටු කළ දැවැන්ත කාර්යභාරය පිළිබඳව ගුවන්හමුදාපති තුමන් සිය දේශනය අතරතුරදී සිහිපත් කළ අතර ජාතික අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා විශාල වශයෙන් සහය වෙමින්  කඳවුරේ සංවර්ධන කටයුතු කරගෙන යාමට දරන උත්සාහය ද එතුමා විසින් අගය කළේය.ගුවන්හමුදාපති තුමන්ගේ පරීක්‍ෂණයට කඳවුර සකස් කිරීමේදී නව අණදෙන නිළධාරි තුමන් සහ කදවුරේ සියලුම සමාජිකයින් දැරූ වෙහෙස ගැන ගුවන්හමුදාපති තුමන් ප්‍රශංසා කළේය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.