ගුවන් හමුදාධිපතිතුමන් දළදා මාලිගාව වැඳපුදා ගනියි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා තම ධූරයේ වැඩ භාරගැනීම වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීම සඳහා 2019 ජූලි මස 21 වන දින මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගත්තේය.

දළදා මාලිගාව වැඳපුදා ගැනීමට ප්‍රථම එතුමන් විසින් අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමියන් සහ මල්වතු මහනායක තිබ්බොටුවවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.

ඉන් අනතුරුව දළදා මාලිගාව වැඳපුදා ගැනීමෙන් පසු ගුවන් හමුදාධිපති තුමන්  මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බංඩාර මහතාද හමුවිය.

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදාධිපතිතුමන්ගේ පවුලේ සාමාජික සාමාජිකාවන් හා ගුවන් හමුදා නිළධාරීන් පිරිසක් ද සහභාගී විය.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.