කොළඹ ගුවන් හමුදා කදවුරේ සේවා වනිතා ඒකකය ශ්‍රී ලංකා ආහාර සංස්කෘතිය පිළිබවදව දේශනයක් සංවිධානය කරයි

"සෞඛ්‍ය සම්පන්න සහ රසවත් ශ්‍රී ලංකා ආහාර සංස්කෘතිය" යන මැයෙන් කොළඹ ගුවන් හමුදා කදවුරේ සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලද හරවත් දේශනයක් ප‍්‍රවීන සූපවෙිදී පබිලිස් සිල්වා මහතා විසින් පසුගිය අගෝස්තු මස 07 වන දින ගුවන් පුර විවාහක නිවාස සංකීර්ණයේදී පවත්වන ලදී.

කොළඹ ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් වරුණ ගුණවර්ධන මහතා සහ කොළඹ සේවා වනිතා ඒකකයේ සභාපතිනි ප්‍රියන්වදා ගුණවර්ධන යන දෙපලගේ මඟ පෙන්වීම යටතේ මෙම උත්සවය සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාවට කාන්තා නිලධාරීනියන් ,ගුවන් කාන්තාවන්, සේවා පුද්ගලයන්ගේ  කලාත්‍රයන්, සේවා සාමාජිකයින්ගේ පවුල්වල සාමාජිකයින් සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.