කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයට

කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා විසින්  2019 අගෝස්තු මස 09 දින සිදු කරන ලදී.

මාර්ග පෙළ ඛණ්ඩයක ආචාරය මධ්‍යයේ කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් මොහාන් බාලසූරිය විසින් ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරු පරිශ‍්‍රය වෙත පිළිගන්නා ලදී.

කඳවුරු පරීක්‍ෂණයේදී ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරේ සියළුම ස්ථාන තම පරීක්‍ෂාවට ලක් කරන ලදී. අනතුරුව පසුගිය වර්ෂය තුල කදවුර වෙනුවෙන් කල විශිෂ්ට සේවාව අගයමින් සැරයන් දුමින්ද ඩබ්ලියු එච්  ගුවන් හමුදාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය.

පරීක්‍ෂණය අවසානයේදී ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරේ සියළුම නිළධාරීන් සෙසු නිළයන් සහ සිවිල් කාර්ය මණ්ඩලය අමතන ලදී.මෙහිදී කලින් රාජකීය නාවික ගුවන්තොටුපළ ලෙස හැඳින්වූ වර්තමාන කටුකුරුන්ද ගුවන් හමුදා කදවුර ස්ථානය 1984 ගුවන් හමුදාවට අයත් කදවුරක් බවට පත් වු ආකාරය සහ වර්තමානයේදී ශ්‍රී ලංකාවේ ධාවන මෝටර් රථ ශූරයන් අතර කටුකුරුන්ද කදවුර ජනප්‍රිය වූයේ කෙසේද යන්න පිළිබදවත් කඳවුරේ දියණුව සහ අභිවෘද්ධිය උදෙසා කැපවුණු සියළු දෙනා වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන් සුභ පතන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.