ගුවන් හමුදා විනයාරක්‍ෂක සාමාජිකයන් හට ”අපරාධ විමර්ශනය” පිළිබඳ වැඩමුළුවක්

විධායක නීති අංශය විසින් ගුවන් හමුදා විනයාරක්‍ෂක අධ්‍යක්‍සකයේ සහයෝගය ඇතිව සංවිධානය කරන ලද ශ‍්‍රී ලංකා ගවන් හමුදාවේ විනයාරක්‍ෂක සාමාජිකයන් හට ”අපරාධ විමර්ශනය” පිළිබඳ විශේෂ වැඩමුළුවක් 2019 අගෝස්තු මස 19-21 දින දක්වා ගුවන් හමුදා මූලස්ථාන ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම වැඩමුළුව තුළින් ගුවන් හමුදා විනයාරක්‍ෂක සාමාජිකයින්ගේ අපාරධ විමර්ශනය,අපරාධ නඩු පැවරීම සහ අපරාධ ආරක්‍සාව පිළිබඳව න්‍යායික හා ප‍්‍රායෝගික දැනුම වර්ධනය කිරීම ප‍්‍රධාන අරමුණ විය.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා, නීතීඥ නුවන් දිල්හාන් ජයරව්ර්ධන මහතා, නීතීඥ විශ්ව විදානගමගේ මහතා, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක චානක ද සිල්වා මහතා, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක මිහිඳු අබේසිංහ මහතා, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක සම්පත් සේනාරත්න මහතා, ශ‍්‍රී ලංකා පොලිසියේ පොලිස් පරීක්‍ෂක ප‍්‍රගීත් පේ‍්‍රමසිරි මහතා, පොලිස් පරීක්‍ෂක නිරෝෂන් කලුතරකෝරාල මහතා යන මහත්වරු සම්පත් දායකයින් ලෙස මෙම අවස්ථාවට සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.