ගුවන් හමුදාධිපතිතුමාගේ වාර්ෂික පරීක්ෂණය ගුවන් හමුදා මූලික කඳවුර රත්මලාන

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදාධිපති වාර්ෂික කඳවුරු පරීක්ෂණය එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා විසින් 2019 ඔක්තොම්බර් මස 11 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන මූලික කඳවුරේදී සිදු කරන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව රත්මලාන මූලික කඳවුරේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ආර්එස් වික‍්‍රමරත්න විසින් පරීක්ෂණ පෙළපාලිය අණදෙමින් ගුවන් හමුදාධිපතිතුමන්ව පිළිගනු ලැබූ අතර අනතුරුව ගුවන් හමුදාපතිතුමන් විසින් පෙළපාලිය පරීක‍ෂාවට ලක් කරන ලදී. ජ්‍යෙෂ්ඨ අණ නොලත් නිළධාරීන් 05 දෙනෙකු සහ කණිෂ්ඨ අණ නොලත් නිළධාරීන් 01 නායක ගුවන් භට 01 හා සිවිල් සේවක මහතුන් 04 දෙනෙකු හට ඔවුන් ඉටුකරන ලද කාර්යයන් වෙනුවෙන් ගුවන් හමුදාධිපති ඇගයීම් සහතික පිරිනමන ලදී.

අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් විසින් කදවුරු පරීක‍ෂණය සිදුකරමින් සියලුම ස්ථාන පරීක‍ෂා කල අතර පරීක්ෂණය අවසානයේදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් රත්මලාන කඳවුරේ සියලුම නිළධාරීන් සෙසු නිළයන් හා සියලුම සිවිල් සේවක මහතුන් හට කඳවුරු සංවිධානය සහ ඔවුන්ගේ වෙහෙස මහන්සිය පැසසුමට ලක් කරන ලදී. අවසාන වශයෙන් සියලු දෙනාට ස්තූති කරමින් සෑම විටම ගුවන් හමුදාව මෙන්ම තම මාතෘ භූමිය වෙනුවෙන් සිය උපරිම දායකත්වය ලබා දීමේ අවශ්‍යතාවය පැහැදිලි කරන දෙන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.