සේවා පුද්ගලයන්ගේ පාසල් අවසන් කල දියණියන් යහපත් ගෘහණියන් වශයෙන් සම්පූර්ණ කිරීමේ අටවන පාඨමාලාව අවසන් වෙයි

සේවා පුද්ගලයන්ගේ පාසල් අවසන් කල දියණියන් යහපත් ගෘහණියන් වශයෙන්  සම්පූර්ණ කිරීමේ අටවන පාඨමාලාව අවසාන කිරීමේ උත්සවය 2019 නෙවැම්බර් මස 04 වන දින ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල් ශ‍්‍රවණාගාරයේදී සිදු කරන ලදී. ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ප‍්‍රභාවි ඩයස් මහත්මිය ප‍්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. එහිදී එතුමිය විසින් පාඨමාලාව හැදෑරූ සිසුවියන්ට සහ උපදේශකයින් හට සහතික පත් සහ ත්‍යාග ප‍්‍රදානය කිරීම සිදු කරන ලදී.

ගුවන් කාන්තාවන් 16 දෙනෙකු සහ සේවයේ නියුතු සහ විශ්‍රාමික සේවා පුද්ගලයන්ගේ දියණියන් ඇතුළු 19 දෙනෙකු මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කර මෙහිදී සහතිකපත් ලබා ගත්හ. ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් පාඨමාලාව මෙහෙයවූ උපදේසකයින් හට ත්‍යාග සහ සහතිකපත් ලබා දෙන ලදී.

සති අන්ත 08 ක් පුරා සමාජ සදාචාරය, සන්නිවේදන කලාව, රූපලාවන්‍ය ශිල්පය, පෝෂණය සහ පෞද්ගලික ස්වස්ථතාව,  නැටුම්, ඉවුම් පිහුම් ක‍්‍රම හා ඇදුම් මැසීම ආදි අංශ ගණනාවක් ආවරණය කරමින් මෙම පාඨමාලාව පවත්වනු ලැබේ.

වැඩ බලන සුභසාධන අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් කපිල වනිගසූරිය මහතා සහ වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිලධාරි තුමන් හා නිළධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.

වැඩි විස්තර සඳහා අමතන්න

ගෲප් කැප්ටන් එම්බීඒ මහවත්තගේ 0772229117
ගෲප් කැප්ටන් ජීඑච්පී නානායක්කාර 0714163633
බලඝන නායක  ජේපීඑස් ජයසුන්දර 0772229283

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.