දිවි පිදු රණවිරුවන් හට ආචාර කරමින් පොපි දිනය සමරයි

2019 වර්ෂය සදහා පොපි දිනය සමරමින් ලෝක යුද්ධය ඇතුලූ දිවි පිදු සියලූ රණවිරුවන් සිහි කරමින් ශී‍්‍ර ලංකා විශ‍්‍රාමික සේවා පුද්ගලයන්ගේ සංගමය විසින් සංවිධානය කල රණවිරු අනුස්මරණ උත්සවය 2019 නොවැමිබර් මස 10 වන දින විහාරමහා දේවි උද්‍යාන ස්මාරකය අභියසදී පැවැත්වුණි.මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් ශාන්ත කොට්ටෙගොඩ මහතා (විශ්‍රාමික)සහභාගී විය.

මෙම අවස්ථාවට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ,නාවික හමුදාපති සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහභාගී වූහ.

කොළඹ යුධ ස්මාරකය මුලින් ගාලු මුවදොරෙහි ඉදිකරන ලද නමුත් දෙවන ලෝක සංග්‍රාමයේදී යුධ ස්මාරකය කඩා බිඳ දමා වර්තමාන ස්ථානයේ නැවත ඉදි කරන ලදී.පළමුවන ලෝක සංග්‍රාමයේදී මියගිය අයගේ නම් සොහොනෙහි අඩංගු වන අතර එහි පිටුපස ඇති අනුස්මරණ පවුෙර් දෙවන ලෝක යුද්ධයේදී මියගිය අයගේ නම් සදහන් වෙයි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.