ගුවන් ක්‍රිඩක ක්‍රීඩිකාවන් 13 වැනි දකුණූ ආසියානු ක්‍රීඩා තරගාවලිය නියෝජනය කිරීම සදහා නේපාලයට

13 වන දකුණූ ආසියානු ශූරතාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවන ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම පසුගියදා නේපාලය බලා පිටත්ව යන ලදී. මෙම ශූරතාවලිය දෙසැම්බර් මස 01 දින සිට 10 වන දින දක්වා පැවැත්වේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් 13 දෙනෙක් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80 ක ගෙන් සමන්විත වූ මෙම කණ්ඩායම දකුණූ ආසියානු ක්‍රීඩා උළෙලෙහි ඉසව් 21ක් සදහා ඉදිරිපත් වීම විශේෂත්වයකි.

ක්‍රීඩා උළෙලට සහභාගීවීමට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා කණ්ඩායම ගුවන් හමූදධිපතිතුමන් සමග සමූහ ජායාරුපයකට පෙනී සිටින ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.