හෂීමා නගර ගිනි නිවීමේ ප‍්‍රවීණයන් විසින් ගුවන් හමුදා සාමාජිකයින් හට ගිනි නිවීමේ සහ ජීවිත ගලවා ගැනීමේ පුහුණුවක්

ජපානයේ හෂීමා නගර ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සහ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවීමේ සහ ජීවිත ගලවා ගැනීමේ ඒකකය එක්ව ගිනි නිවීමේ සහ ජීවිත ගලවා ගැනීමේ පුහුණු වැඩසටහනක් කටුනායක ගුවන් හමුදා කඳවුරු ගිනි නිවීමේ පුහුණු පාසලේ සහ ගිනි නිවීමේ උපකරණ නඩත්තු කිරීමේ බලඝණයේ දී 2019 දෙසැම්බර් මස 19 වන දින සාර්ථක අන්දමින් පැවැත්විණි. ජපාන ශ‍්‍රී ලංකා මිත‍්‍රත්ව පදනම මගින් මෙම වැඩමුළුව සංවිධානය කරන ලද අතර

ගිනි නිවීමේ කැප්ටන් ෆුචිගාමී ෂිනිචිරෝ
ගිනි නිවීමේ ලුතිනන් යමාඩා කෂුෆුමී

ගුවන් හමුදා ප‍්‍රධාන ගිනි නිළධාරී විංග් කමාන්ඩර් ආර්එම්සීජේකේ, ගිනි නිවීමේ පුහුනු පාසලේ සහ ගිනි නිවීමේ උපකරණ නඩත්තු බලගණයේ වැඩබලන අණදෙන නිලධාරී ස්කොඩ්‍්‍රන් ලීඩර් එච්කේඒ ද අල්විස් විසින් අධීක්‍ෂණය කරන ලද ගුවන් හමුදා සාමාජිකයින් 61 දෙනෙකු මෙම පුහුණු වැඩසටහන්ට සහභාගී වූහ.

පහත දැක්වෙන විශේෂිත කරුණු කෙරෙහි මෙම පුහුණුව තුළදී සුවීශේෂි අවධානය යොමු කරන ලදී.

අහස් ඉනිමග ආශ‍්‍රිත මෙහෙයුම් සහ මුදවා ගැනීම්.

ගෘහස්ථ ගිනි නිවීම් සහ උස් ස්ථානවල මුදවා ගැනීම සඳහා නව මුදවා ගැනීමේ ක්‍රම.

හුස්ම ගැනීමේ උපකරණ, ශ්වසන යන්ත්‍ර, ගුවන් උපකරණ සහ හැස්මට් ක්‍රියාකාරිත්වය පිළිබඳ තාක්ෂණික තක්සේරුව.

සෙවීමේ සහ ගලවා ගැනීමේ ක්‍රියා පටිපාටි සහ ශිල්පක්‍රම.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.