ජලයෙන් සිදුවන හදිසි ආපදා තත්වයකදී ඉන් මුදවා ගැනීමේ නිදර්ශණාත්මක පුහුණුවක් ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකා පුහුණු පාසල විසින් චීනවරායේදී සිදු කරයි

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකායේ 14 වන මූලික පුහුණු පාඨමාලාව සදහා හදිසි ආපදා තත්වයකදී අනතුරට පත් පුද්ගලයින් හෙලිකොප්ටර් යානා හා කඹ ආධාරයෙන් ඉන් මුදවා ගන්නා ආකාරය ප‍්‍රායෝගිකව විදහා දක්වන නිදර්ශණාත්මක පුහුණුවක් අංක 7 හෙලිකොප්ටර් බලඝනය සමගින්  රෙජිමේන්තු විශේෂ බලකායේ උපදේශකයින් ස්වීට්බේ මුහුදු තීරයේදී 2019 දෙසැම්බර් 28 වන දින සිදු කරන ලදී.

පසුගිය කාල වකවානවේ ස්වාභාවික ආපදාවන් සිදුවු අවස්ථාවන් වලදී අනතුරට පත්වූ පුද්ගලයින්ගේ ජීවිත බේරා ගැනීමේ කි‍්‍රයාදාම රැසකට ශ‍්‍රී ලංකා ගුවන් හමුදාෙව් රෙජිමේන්තු විශේෂ බලකාය සිය දායකත්වය ලබාදුන් අතර මෙම පුහුණු පාඨමාලාවේ ප‍්‍රධාන අරමුණ වනුයේ ඉදිරියේදී ඇති විය හැකි එවැනි ආපදා තත්වයන්ට සාර්ථකව මුහුණදිය යුතු ආකාරය පිළිබදව රෙජිමේන්තු විශේෂ බලකා පුහුණුවන්නන් ප‍්‍රගුණ කිරීමයි.

මෙම පුහුණු පාඨමාලාවේ අධීක්‍ෂණ කටයුතු රෙජිමේන්තු විශේෂ බලකායේ  අණදෙන නිළධාරී වින්ග් කමාන්ඩර් එච්එම්ටී නන්දකකුමාර සහ ගුවන් හමුදා රෙජිෙමින්තු විශේෂ බලකා පුහුණු පාසලේ නිළධාරි බීඩබ්ලිව්ටීඑස් බණ්ඩාර යන නිළධාරීන් විසින් සිදුකරන ලදී. අංක 7 හෙලිකොප්ටර් බලඝනයේ බෙල් 212 හෙලිකොප්ටරයක් මගින් සිදු කරන ලදී.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.