63 වන කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව ඇරඹෙයි

63 වන කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව 2020 ජනවාරි මස 02 වන දින චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසලේදී ආරම්භ විය. පාඨමාලාවේ ආරම්භක උත්සවය චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨ පීඨාධිපති එයාර් කොමඩෝර් ආර්ඒයූපී රාජපක්‍ෂ නිළධාරීතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදී ප‍්‍රධාන උපදේශකතුමන් සහ සෙසු උපදේශකවරුන් විසින් ශිෂ්‍ය නිළධාරීන් හට පාඨමාලාවේ වැදගත්කම පිළිබඳව දැනුම්වත් කරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ නිළධාරීන් 28 දෙනෙකු,  ශ‍්‍රි ලංකා  නාවික හමුදාවේ නිලධාරීන් දෙදෙනෙකු සහ  බංගලාදේශ ගුවන් හමුදාවේ එක් නිළධාරිනියෙකු සති 14 ක් පුරා පැවැත්වෙන මෙම පාඨමාලාව හැදෑරීම සඳහා සුදුසුකම් ලබා තිබිණි. පාඨමාලාව 2020 ජනවාරි මස 02 වනදින සිට 2020 මාර්තු මස 31 වන දින දක්වා පැවැත්වෙයි.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.