අංක 03 සමුද්‍රීය බලඝනය සිය 01 වන සංවත්සරය සමරයි

චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කඳවුරේදී නැවත ස්ථාපිත කල අංක 03 සමුද්‍රීය බලඝනය පසුගිය ජනවාරි මස 11 වන දින සිය 01 වන සංවත්සරය සමරනු ලැබීය.

මෙම අංක 03 සමුද්‍රීය බලඝනය 1971 දී එවකට හිටපු ගුවන් හමුදාධිපති එයාර් වයිස් මාර්ෂල් පී එච් මෙන්ඩිස් මහතාගේ සමයේ චීන වරාය ගුවන් හමුදා කඳවුරේදී ස්ථාපිත කරණ ලද අතර 1993 වසර දක්වා මෙහි කටයුතු සිදුකරන ලදී.

පසුව විවිධ හේතුමත අකර්මන්‍ය තත්වයට පත්වන ලද අතර නැවත 2019 වසරේ දී වයි-12 යානා හා බී-200 යානා යොදාගනිමින් නිරීක්ෂන රාජකාරි පවත්වන ලදී.

මෙම සංවත්සරයට සමගාමීව රේවත ළමානිවාසය මූලික කරගනිමින් වැඩසටහන් රැසක් ජනවාරි මස 09 දින පැවැත්වූ අතර 11 වන දින වැඩ පෙළපාලිය කදවුරු පරිශ‍්‍රයේදී අණදෙන නිළධාරී වින්ග් කමාන්ඩර් ඩබ්ලිව්වී ප්‍රේමසිංහ විසින් පරික්ෂාවට ලක්කල අතර එදින ක‍්‍රීඩා වැඩසටහන් රැසක් ක‍්‍රීඩා කදවුරු ක‍්‍රීඩා පිටියේ සියළුම නිළයන්ගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.