ආරක්ෂක සේවා බීච් වොලිබෝල් ශූරතාවය 2020

මීගමුව පොදු වෙරළ උද්‍යානයේදී පැවති ආරක්ෂක සේවා බීච් වොලිබෝල් ශූරතාවලියේදී  පිරිමි අංශයේ ශූරතාවය අඛණ්ඩව හයවැනි වරටත් ගුවන් හමුදා පිරිමි කණ්ඩායම ජයග‍්‍රහණය කල අතර මෙවර තරග වාරයේදී ගුවන් හමුදා කාන්තා කණ්ඩායම කාන්තා අංශයේ අනුශූරයන් බවට පත්විය.මෙම තරගාවලිය ජනවාරි මස 27 වන දින සිට 30 වන දින දක්වා පැවැත්විණි.

අවසන් තරඟයේදී ගුවන් හමුදා පිරිමි කණ්ඩායම ශ්‍රී ලංකා යුද හමුදාව 2-0 ලෙස පරාජය කළ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා කණ්ඩායම යුද හමුදා කාන්තා කණ්ඩායම හමුවේ  2-1 ලෙස පරාජයට පත්විය.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද හමුදා ක‍්‍රීඩා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ලාල් චන්ද්‍රසිරි මහතා සහභාගී වු අතර ගුවන් හමුදා වොලිබෝල් සංචිතයේ සභාපති එයාර් කොමර්ඩෝ ආර්එන් තිලකසිංහ මහතා සහ ත‍්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුලු විශාල පිරිසක් සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.