පකිස්ථාන් ගුවන් හමුදා ප‍්‍රධානී ශ‍්‍රී ලංකාවේ සංචාරයක

පකිස්ථාන් ගුවන් හමුදා ප‍්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් මුජාහිඩ් අන්වර් මහතා එතුමන්ගේ බිරිඳ වන ටෂීනා මුජාහිඩ් මහත්මිය සමගින් ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත වීම සඳහා 2020 පෙබරවාරි මස 05 වන දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් ශ‍්‍රී ලංකාවට පැමිණෙන ලදී. පකිස්ථාන් ගුවන් හමුදාධිපතිතුමන් සහ එතුමන්ගේ බිරිඳ පිළිගැනීම ශ‍්‍රී ලංකා ගුවන් හමුදාපති  එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා සහ ප‍්‍රබාවී ඩයස් මහත්මිය විසින් සිදුකරන ලදී.

මෙම සංචාරය අතරතුරදී යුධ හමුදා සහ නාවික හමුදා මූලස්ථානය චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨය සහ කටුනායක ගුවන් හමුදා කඳවුර, රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරය සහ මහනුවර, නුවරඑළිය යන ඓතිහාසික ස්ථානයන් වලද සංචාරය කිරීමට නියමිතයි.

එසේම පකිස්ථාන් ගුවන් හමුදා ප‍්‍රධානී ඇතුළු පිරිස මෙම නිළ සංචාරය අතරතුර ගරු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් සහ  හමුදා ප‍්‍රධානීන්  මුණ ගැනසීමටද නියමිත වේ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.