පකිස්ථාන් ගුවන් හමුදා ප‍්‍රධානී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ‍්‍රී ලංකාවේ සංචාරයක නියුතු පකිස්ථාන් ගුවන් හමුදා ප‍්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් මුජාහිඩ් අන්වර් මහතා 2020 පෙබරවාරි මස 06 වන දින උදෑසන ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා හමුවිය.

පකිස්ථාන් ගුවන් හමුදා ප‍්‍රධානී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථනය වෙත පිළිගැනීම කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් ලැබ්රෝයි විසින් සිදුකරන ලදී. අනතුරුව ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වර්ණ පක්‍ෂාංගය විසින් උත්තමාචාර පෙළපාලියක්ද සිදුකරන ලදී.

එසේම පකිස්ථාන් ගුවන් හමුදා ප‍්‍රධානී ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී සහ ගුවන් හමුදා අධක්‍ෂ්‍යක මණ්ඩලයේ සමාජික සාමාජිකාවන් හමුවුණු අතර අනතුරුවල ගුවන් හමුදාධිපතිවරුන් දෙපල අතර සමරු ඵලක හුවමාරු කිරීමක්ද සිදු කරන ලදී.

අනතුරුව පකිස්ථාන් ගුවන් හමුදා ප‍්‍රධානී ගුවන් මෙහෙයුම් අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් රවී ජයසිංහ විසින් මෙහෙයවන ලද ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම් ක‍්‍රම පිළිබඳව දේශනය සඳහා සහභාගී විය.මේ සඳහා සංචාරක පකිස්ථාන් ධූත කණ්ඩායමේ නිළධාරීන් ගුවන් හමුදා අද්‍යක්‍ෂක මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් සහ ගුවන් හමුදා මූලස්ථානයේ ජ්‍යේෂ්ඨ නිළධාරීන් පිරිසක්ද සහභාගී වූහ. දේශනය ගුවන් හමුදා මූලස්ථාන ශ‍්‍රවණාගාරයේදී පවත්වන ලදී.අනතුරුව මෙම අවස්ථාවට සහභාගී වූ පකිස්ථාන් ගුවන් හමුදා ප‍්‍රධානියා තමා වෙත දැක්වූ ආගන්තුක සත්කාරය පිළිබඳව සිය ස්තූතිය පළ කළ අතර ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සහ පකිස්ථාන් ගුවන් හමුදාව අතර සබඳතා සඳහා ආකර්ෂණීය අනාගතයක් ඇති බව ප්‍රකාශ කළේය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.