විධායක තත්ව නීර්ණ නිරීක්ෂණ අංශය මගින් කණිෂ්ඨ නිළධාරීන් සඳහා ස්වයං කළමනාකරණය තුළින් ස්වයං-වැඩිදියුණු කිරීම පිළිබඳ වැඩමුළුවක් පවත්වයි

විධායක තත්ව නීර්ණ නිරීක්ෂණ අංශය මෙහෙයවනු ලැබූ ස්වයං කළමනාකරණය තුළින් ස්වයං වැඩිදියුණු කිරීම යන තේමාව යටතේ කණිෂ්ඨ නිලධාරීන්ගේ සංවර්ධන වැඩසටහනක් 2020 පෙබරවාරි මස 20 වන දින ගුවන් හමුදා මූලස්ථාන ශ‍්‍රවනාගාරයේදී පවත්වන ලදී. විශ‍්‍රාමික මේජර් මහින්ද අධිකාරි  මෙම වැඩමුළුව මෙහෙයවන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලුම අධ්‍යක්ෂක මණ්ඩල නියෝජනය කණිෂ්ඨ නිළධාරීන් රැුසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. මෙම වැඩසටහන මගින් අත්‍යවශ්‍ය ජීවන කළමනාකරණ කුසලතා, ජීවිත ප්‍රමුඛතා සහ සේවා ජීවිතයේ තවත් බොහෝ වැදගත් මාතෘකා පිළිබඳ ඉතා සඵලදායී තොරතුරු සහිත දැනුමක් ලබා ගැනීමට  හැකිවිය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.