ඉරණමඩු ගුවන් ආරක්‍ෂණ අවි පුහුණු පාසල 08 වන සංවත්සරය සමරයි

ඉරණමඩු ගුවන් ආරක්‍ෂණ අවි පුහුණු පාසල සිය 08 වන සංවත්සරය 2020 පෙබරවාරි මස 23 වන දින සමරන ලදී. මෙම පුහුණු පාසල 2012 වසරේ පෙබරවාරි මස 5 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේ සිට ඉරණමඩු කඳවුර දක්වා චගෙන යනු ලැබී අතර එම වසරේ පෙබරවාරි මස 23 වන දින ස්වාධීන අංශයක් වශයෙන් ස්ථාපිත වන ලදී.

සංවත්සර දිනය සමරමින් කි‍්‍රකට් තරඟාවළියක් අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එම්ජේ රණවීර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති අතර  උපදේශකයින් සහ පාසල් කාර්ය මණ්ඩලය මේ සඳහා සහභාගී වූහ. මෙම අවස්ථාවට ඉරණමඩු කඳවුරු වැඩබලන අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් කේජීකේඑන් විමලරත්න මහතාද සහභාගී විය.

එසේම සංවත්සරයට සමගාමීව රාමනාදපුරම් ක‍්‍රිස්තියානි පල්ලියේ ශ‍්‍රමදානයක් 2020 පෙබරවාරි 21 වන දින පවත්වන ලදී.

2020 පෙබරවාරි මස 22 වන දින සාම්ප‍්‍රදායික පූජාවක් ඉරණමඩු ගුවන් හමුදා කඳවුරු හින්දු කෝවිලේදී ඉරණමඩු ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් යූපීවයිආර් පතිරණ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.