ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව අභිමානවත් වු සිය 69 වන සංවත්සරය සමරයි

ශ‍්‍රී ලංකා  ලංකා ගුවන් හමුදාව අභිමානවත් වු සිය 69 වන සංවත්සරය 2020 මාර්තු මස 02 දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ  ප‍්‍රධානත්වයෙන් ගුවන් හමුදා මුලස්ථානයේදි සමරන ලදි.

එහිදී සමාරමිභක උත්සවය ඇමතු ගුවන් හමුදාධිපතිතුමා එදා මෙදා තුල ගුවන් හමුදාව වෙනුවෙන් සිය ශක්තිය කැපකල හිටපු හමුදාපතිවරුන් හා දිවි පිදු හා තුවාල ලැබු රණවිරුවන් හා සිවිල් සේවක මහතුන් ගෞරවයෙන් සිහිපත් කරණ ලදි.

කොළඹ රයිෆල් ග‍්‍රීන් ක‍්‍රීඩා පිටියේ දි 69 වැනි සංවත්සරය සැමරුමි උත්සවය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා ගේ ප‍්‍රධානත්වයෙන්  කොළඹ කඳවුරු අණදෙන නිලධාරි එයාර් වයිස් මාෂල් කැමිලස් ලැබ්රෝයි මහතාගේ මගපෙන්විමෙන් සංවිධානය කර තිබිණි. මෙම අවස්ථාවට ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානි එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරන ඇතුළු ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩල නිළධාරීන්, ජේෂ්ඨ නිලධාරින්, කොළඹ කඳවුරේ නිලධාරින් මෙන්ම සෙසු නිලයන් හා සිවිල් සේවක මහතුන්ද සහභාගි වන ලදි.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.