21 වෙනි ගුවන් හමුදා පාපැදි සවාරිය ඇරඹේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාව නොකඩවා 21 වෙනි වරටත් සංවිධානය කරනු ලබන ගුවන් හමුදා පාපැදි සවාරිය 2020 මාර්තු මස 05 වන දින ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් විසින් ගුවන් හමුදා මූලස්ථානය ඉදිරිපිටින් ආරම්භ ආරම්භ කරන ලදී. ගුවන් හමුදා 69 වෙනි සංවත්සරයට සමගාමීව සංවිධානය කරන ලද මෙවර පාපැදි සවාරිය අදියර තුනක් යටතේ පැවැත්වීමට නියමිත වෙයි.

එහි පළමු අදියර කොළඹ සිට මහනුවර දක්වා කිමී 126 ක දුරකින් යුක්ත විය. තරගකරුවන් 150 දෙනෙකු පමණ පළමු දිනයේ තරගය ආරම්භ කරන ලදී.

තරඟය කොළඹ සිට මහබාගේ දක්වා සාම සවාරියක් ලෙස ආරම්භ වන අතර එතැන් සිට නිල වශයෙන් ආරම්භ වන තරගය ජා-එලා නිට්ටබුව වරකාපොල කෑගල්ල සහ මාවනැල්ල හරහා ගමන් කිරීමට නියමිතය.

21 වන ගුවන් හමුදා පාපැදි සවාරියේ ප‍්‍රධාන අනුග්‍රාහකය ලෙස සොෆ්ට්ලොජික් පුද්ගලික සමාගම වන අතර ශ්‍රී ලංකා රූපවාහිණි සංස්ථාව සහ චැනල් අයි නිල විද්‍යුත් මාධ්‍ය සහකරු වන අතර හිරු එෆ්එම් නිල ගුවන් විදුලි හවුල්කරු වේ. මුළු තරඟයම චැනල් අයි ඔස්සේ සජීවීව විකාශය කෙරේ.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.