ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය - 2020 දෙවන අදියරය

ශ්‍රී ලංකා ගුවන් හමුදා 69 වන සංවත්සරයට සමගාමීව 21 වන වතාවට සංවිධානය කල ගුවන් හමුදා පාපැදි සවාරියේ දෙවන අදියර 2020 මාර්තු මස 06 වන දින තී‍්‍රකුණාමලයේදී කිමි 215 ක දුරක් ගෙවා අවසාන කරන ලදී.

සුපර් වීලර්ස් සමාජයේ දර්ශන ප්‍රසාද් ගුවන් හමුදා පාපැදි සවරියේ දෙවන අදියර දිනාගත් අතර සුපර් වීලර්ස් සමාජයේ චාමික සදුන් කුමාර සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ අවිෂ්ක මැඩොන්සා පිළිවෙලින් දෙවන හා තෙවන ස්ථාන දිනා ගත්හ.

තරඟයේ තුන්වන හා අවසාන අදියර 2020 මාර්තු මස 07 වන දින උදේ 0830 ට ත්‍රිකුණාමලයේ සිට ආරම්භ වී කිලෝමීටර 154 ක දුරක්  ගෙවා ඓතිහාසික අනුරාධපුර නගරයේදී අවසන් වේ.

21 වන ගුවන් හමුදා පාපැදි සවරියා කාන්තා තරගය 2020 මාර්තු මස 07 වන දින පුත්තලමින් ආරම්භ වි ආනමඩුව නවගත්තේගම තඔුත්තේගම හරහා  කිමී 110 ක දුරක් ආවරණය කරමින් අනුරාධපුරයේ දී අවසන් වේ. 


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.