ජාතික පිළිමලුන් පිටුදැකීමේ බේස්බෝල් තරඟාවලියේ ශූරතාවය ගුවන් හමුදාවට

මලින්ද අරුමාදුර අනුස්මරණ බේස්බෝල් කුසලානය 2020 ජාතික බේස්බෝල් පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් මහා තරඟයේදී රෝයල් බ්ලූ බේස්බෝල් සමාජය 12-11ක් ලෙස පරාජය කරමින් ගුවන් හමුදා බේස්බෝල් කණ්ඩායම ජයග‍්‍රහණය ලැබීය.

පසුගිය පෙබරවාරි 08 සිට මාර්තු මස 07 දක්වා දියගම මහින්ද රාජපක්ෂ බේස්බෝල් පිටියේ පැවැති ජාතික පිළිමලුන් පිටුදැකීමේ බේස්බෝල් තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදා බේස්බෝල් කණ්ඩායම සමත්කම් දක්වන ලදී. මෙහිදී ගුවන් හමුදා කන්ඩායම අපරාජිතව තරගාවලිය අවසන් කරන ලදී.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් චන්දන ඒකනායක මහතා සහභාගී වූ අතර ශ‍්‍රී ලංකා ගුවන් හමුදා බේස්බෝල් සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් එස් කේ ඒ සේනාරත්න ගුවන් හමුදා බේස්බෝල් සංචිතයේ ලේඛම් සී ජේ හෙට්ටිආරච්චි ඇතුළු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගිවිය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.